Thursday, January 5, 2012

අධිවේගියේ බස් ධාවනයෙන් දිනක දී ලක්ෂ 1½කට අධික ආදායමක්..




 
කොට්ටාව සිට ගාල්ල දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කළ දිනය
 තුළ රුපියල් 175,000ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ

සභාපති එම්.ඩී. බන්දුසේන මහතා පවසයි.
 
ගමන්ගත් සියලු ම බස් රථවල ආසන සියල්ල පිරී තිබූ බවත්, ජනතාවගෙන් කිසිදු පැමිණිල්ලක් නොලැබුණු

 බවත් ඒ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට සඳහන් කළේය.
 
ඒ මහතා 
ප්‍රකාශ කළේ මගීන් විශාල පිරිසක් මෙම බස් රථවල ගමන් කිරීමේ අපේක්ෂාවෙන් පැමිණ සිටි බවයි.
මේ නිසා ඉදිරි දින කිහිපය තුළ අන්තර්ජාලය ඔස්සේ ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් මහජනතාවට හිමිවනු ඇත.
පෙරවරු 6.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකෙන් දෙකට මෙම බස් රථ ධාවනය කෙරෙන අතර මහරගම සිට ගාල්ලට රුපියල් 400ක් ද, කොට්ටාව සිට ගාල්ලට රුපියල් 380ක් ද වශයෙන් ගාස්තු අයකෙරේ.
අධිවේගී මාර්ගයේ ධාවනයට උචිත පරිදි සකස් කර ඇති මෙම බස් රථ සියලු මගීන් සඳහා ආරක්ෂිත ආසන බඳපටි සහිත ව, රූපවාහිනී යන්ත්‍ර, ස්වයංක්‍රීය දොර, ජනේල, ඩිජිටල් නාම පුවරු සහිත ව උසස් ලෙස නිමවා ඇත.
මෙමගින් පැයක කාලයක් තුළ ගමනාන්තයට ළඟාවිය හැකිය.

No comments:

Post a Comment